COLLAPSING LION FLAG
සිංහ කොඩිය බිඳවැටීම
** පශ්චාත් මාක්ස්වාදී විග්‍රහයක්.
** යථාර්ථවාදයේ හෙළුව වනන අනූපමගාමීන්ට විනිත්ගෙන් පිළිතුරක්.
2025.09.20
*. සිංහ කොඩිය බිඳ වැටීම - පශ්චාත් මාක්ස්වාදී විග්‍රහයක්
* යථාර්ථවාදයේ හෙළුව වනන අනූපමගාමීන්ට. විනිත්ගෙන් පිළිතුරක්.
මෙම පශ්චාත් මාක්ස්වාදී විචාර අක්ෂය දිගහැරෙන්නේ අනූපම විසින් නිර්මාණය කර ඇති "රෙදි මහන මැෂිම"( sewing machine). කලා. කෘතිය හා සම්බන්ධවයි. එහිදී. සෞන්දර්යයේ මහ ගෙදර පිටුව තුළ අදහස්. දක්වා. ඇති විවිධ කලාකරුවන්ට සහ.
ලෝකයේ දෘශ්‍ය කලා ක්ෂේත්රය තුළ යථාර්ථය. අධ්‍යයනය කිරීම ආරම්භ වන්නේත් යථාර්ථවාදය බිහිවන්නේත් 19 වන සියවසේ දී කාර්මික විප්ලවය ඇතිවීමටත් පෙරය. 18 වන සියවස තුළ ඇති වූ ප්‍රංශ විප්ලවයෙන් පසු කලාවේ නූතන යුගය ආරම්භ වීමත් සමගමත්, 18 වන සියවස අග භාගයේ දීත් 19 වන සියවස තුළදී ඇති වූ කාර්මික විප්ලවයේ බලපෑම් හේතුවෙන් දෘශ්‍ය කලාව තුළ නව ව්‍යූහයන් ආකෘතීන් කලා ශිල්පීන් විසින් හඳුන්වා දෙනු ලබන්නේ යථාර්ථවාදයේ හෙළුව අතික්‍රමණය කරමින්ය.
Artist - Paul sezanne, still life
මෙහිදී අනූපම විසින් නිර්මාණය කර ඇති මහණ මැසිම ඉතා පැරණි මෙවලමක්ය. මෙය අධිරාජ්‍යවාදී යුගයද සංකේතවත් කරයි. මෙවැනි මෙවලමකින් ගම්‍යමාන වන්නේ නව නූතනත්වය නොව එය යල් පැන ගියපු දැනට ලෝකයෙන් බැහැර කරන ලද පැරණි තාක්ෂණයයි. එම තාක්ෂණයට මානව ද්‍රව්‍යමය අවශ්‍යතා කොතරම් දුරට සපුරාලීමට හැකියාව පවතීද? එම තාක්ෂණය උපයෝගී කරගෙන අපගේ ජාතික කොඩිය නැවත මැසීම එසේත් නැත්නම් විනාශ වී ගිය ජාතිය නැවත ගොඩනැගීම යන අර්ථකථනය දෙමින් තිලංක සී. බටුවත්ත සහෝදරයා සඳහන් කර සිටින්නේ අපේ ජාතික කොඩියේ පලිඳු මහනවා යනුවෙනි.
තිලංක සී. බටුවත්ත - දෘශ්‍ය කලා විචාර.
නමුත් ශ්‍රී ලාංකීය ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගය බලයට පත් කලේ පැරණි මෙවලම් පැරණි තාක්ෂණය කරේ තියාගෙන යන්න නොව. ලෝකය තුළ ඇති නව නූතන තාක්ෂණය භාවිතා කරමින් අපේ රටේ ජාතික අනන්නතාවය ගොඩනගා ගැනීමටයි. එය Made in Sri Lanka විය යුතුයි.
එබැවින් ඇතැම් අනූපම ගාමීන් සඳහන් කරන පරිදි ශ්‍රී ලාංකික ජාතීන් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී එසේ තැනැත්තම් ජාතියේ පලිදු මැසීමට අප නැවත වරක් භාවිතයට ගනු ලබන්නේ දැනට ලෝකයෙන් ඉවත දමා ඇති පැරණි තාක්ෂණික මෙවලම් නම් එහි ප්‍රතිඵලය මින් පෙර පැවතී පසුගාමී ලිබරල් ධනේශ්වර ආර්ථිකක්රමයට වඩා අනාගතයේදී ඉතා අනතුරුදායක වන බැවින්ය.
- එය එසේ සඳහන් කළ හැකි වන්නේ මාක්ස්වාදය තුළින් මානව ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ද්‍රව්‍යමය තත්ත්වයන් සහ ආර්ථික ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීමට හැකි බැවින් ඕනෑම සමාජයක් තුළ සමාජ සංසිද්ධීන් පැහැදිලි කිරීමට හැකියාව ඇති බැවිනි.
එබැවින් අනූපමගාමීන් විසින් ගෙනෙනු ලබන මෙම යල්පැන ගියපු මතවාද, සංකල්ප නූතන මාක්ස්වාදී දර්ශනයට පටහැනිය. එය එසේ වන්නේ මාක්ස්වාදයේ සඳහන් වන ද්‍රව්‍ය සංවර්ධනයේ උපරිව්යූහයට ප්රතිගාමී වන නිසාය. එබැවින් රටක සංස්කෘතිය, සෞන්දර්ය සහ දෘෂ්ටිවාදයන්, නීති පද්ධතීන් ඇතුළු අනෙකුත් සියලු සමාජ සිද්ධීන් ආර්ථික පද්ධතිය සමඟ එක්ව පදනමක් සහ උපරි විව්‍යුහයක් සාදන බැවින්ය. එබැවින් මෙම කෘතියෙන් ගෙනෙන දාර්ශනික පණිවිඩය මාක්ස්වාදයට අනුව එක තැන පල් වෙනවා උපරි විවූහය එක තැන පල් වෙනවා. මාක්ස්වාදයේ ඉදිරියේ දනින් වැටෙන්නේය.
එහෙයින් එය ඇන්ටික් කඩවල ප්‍රදර්ශනයට තියෙන අප සමාජයෙන් ඈත් කරන ලද පැරණි මෙවලමක් ඇතැමුන්ගේ මනදොල පිනවීම සඳහා හුදු සුන්දරත්වය න් අත්විඳීමට ඇතැම් කුටි තුළ තැන්පත් කර ඇති යල් පැනගිය වෙළඳ භාණ්ඩයක් වන නිසාය.
ඉතින් මං අහන්නේ මෙවැනි පැරණි මෙවලම් වලින් පුළුවන්ද අපේ ශ්‍රී ලාංකීය ජාතියේ පලුදු මහන්න කීයටවත් බෑ තාක්ෂණය පරණයි! ඒ මන්ද මෙවැනි පැරණි මෙවලම් මගින් නූතන සමාජය වෙත ගෙනෙන දෘෂ්ටිවාදී පණිවිඩය බෙලහීනයි. මන්දගාමී බැවිනි.
අපි මෙහෙම හිතමු. අපිට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවින රටාවක් තියෙනවද? අපේ රටට හරි හැටි දියුණු ප්‍රවාහන පහසුකම් තියෙනවද? රටේ බහුතරයක් මිනිසුන්ට විනෝදයෙන් සිටීමට කාලයක් නෑ... සෑම ළමයෙකුටම එකසේ සාධාරණ ලෙස භුක්ති විඳිය හැකි අධ්‍යාපන රටාවක් නෑ . රාජ්‍ය සේවයේ සමහර අංශවල තවමත් බරපතළ වැටුප් විෂමතාවයන් තියෙනවනේ රටේ පුරවැසියන්ට තවමත් හරියට ජීවත් වෙන්න නිවාසවත් නෑ රටේ තරුණ ප්‍රජාවට තවමත් හරියට රැකියා නැහැ මේවා තමයි අපේ ජාතියේ පලිඳූ.
ඉතින් අපි දේශපාලනිකව තේරුම් ගත යුතු කරුණක් නම් මෙවැනි පැරණි තාක්ෂණික මෙවලම් භාවිතා කර අපගේ ජාතිය ගොඩනැගීමට අපි යළි පා තැබුවොත් සිදුවන්නේ නැවත අපට ප්රතිවිප්ලවවලට මුහුණ දීමට සිදුවන බව මාලිමා ආණ්ඩුව තේරුම් ගත යුතුවේ.
ඒ මක් නිසාද අප පැරණි තාක්ෂණික මෙවලම් වෙනුවට නව තාක්ෂණික මෙවලම් නිපදවීමේ බලය අත්පත් කර ගන්නාතුරු අපට ගෝලීය වහල් භාවයෙන් මිදිය නොහැකි බව තේරුම් ගත යුතු බැවින්ය.
මෙවැනි කෘති තුළින් අප ජන සමාජයේ පවතින ඉහ මොල තුළ ඇති අක්මුල් පැරණි තාක්ෂණිකවූත් ගතානුගතිකවූත් වහල් භාවයන්ගෙන් පෙලීමට ලක් කරයි.
ඉතින් මං අහන්නේ තිලංක. සී. බටුවත්තගෙන් සමකාලීන වශයෙන් ප්‍රායෝගික තලය තුළ අපට ගත හැකි කුමන ගෝලීය ලක්ෂණයක්ද මෙම කෘතිය තුළින් විද්‍යාමාන වන්නේ... මම සඳහන් කරනවා කිසිදු ගෝලීය භාවයක් මෙහි අඩංගු නොමැත යන්නයි.
එපමණක් නොවෙයි තිලංක සඳහන් කරනවා පශ්චාත් නූතනවාදයට අනුව අනූපමගේ කලාකෘතියේ ඒකමතිය බිඳීම, බහු ආඛ්‍යාන ගොඩනැගීම, සාම්ප්‍රදාය අතික්‍රමණය කිරීමක් ගැන. ගෝලීය ලක්ෂණවලට අනුව අනූපම ප්‍රබල මැදිහත්කරුවෙක්ලු මම තහවුරු කරනවා අනූපමගේ මෙම කෘතිය තුළින් ඒ කිසි දෙයක් වෙලා නෑ කියලා.
අනූපමගේ කෘතියේ ඒකමතිය බිඳිලා නම් එම ද්‍රව්‍යයන් සියල්ල විසංයෝජනයේ පැතිමානයන්ට ලක්විය යුතුයි. නමුත් එසේ වී නොමැත. ද්‍රව්‍යයන් සියල්ලම එම යථාර්ථය තුළ එම විදිහටම පවතියෙනවා. ඊට අමතරව තව බහුආඛ්යාන ගැන කතා කරනවා. නමුත් යථාර්ථය තුළ තිබෙන බහු ආඛ්‍යාන ඔහු එම විදිහටම අඳිනවා කොපි කරනවා. එම නිසා සම්ප්රදාය අතික්‍රමණය වෙන්නෙත් නෑ.. ඉතින් තිලංක ඔයා මොනවද මේ කියන මුසාවාදා ? මේ සියල්ල යථාර්ථයේ නැමැති ප්‍රාථමික ගිලටීන හැලියේ එක තැන පල් වෙනවා. එපමණක් නොව මෙහි හාස්‍යජනක කරුණ නම් තිලංක මේකට පශ්චාත් නූතනවාදයත් අමුණනවා. ඉතින් මං අහන්නෙ තිලංකගෙන් අනූපමගේ කෘතියට අනුවත් ඔබ සඳහන් කරන කරුණුවලත් පරස්පර විරෝධී භාවයක් තියෙනවා. එහිදී පශ්චාත් නූතනවාදය යථාර්ථවාදයේ වහලෙක් බවට පත්වෙනවා. ඒකද ඔයා කියන ගෝලීය ලක්ෂණය.
ලිබරල් ධනවාදී වෙළඳ සමාජයක් තුළ හුදු සුන්දරත්වය නොසිතූ ලෙස වාණිජ කරණයට එසේත් නැත්නම් විකුණුම් භාණ්ඩ හැටියට ලක්වෙනවා. එහිදී අනූපමගේ කලා කෘතියට කුමනාකාර මූල්‍යමය වටිනාකමක් ලැබුණත් මාක්ස්වාදය ගොඩනැගී ඇති ප්‍රධාන කුළුණුවලින් එකක් වන දයලිත්තික භෞතිකවාදී කුළුණෙහි සර්වකාලීන නියාමයක් වන අභාවයාගේ අභාවය නැමැති විශ්වීය නියාමයට අනූපමගේ රෙදි මහන මැෂිම ලඝු කළොත් කුමක් වේවිද? එහිදී අභාවය යථාර්ථයේ සංවර්ධනයේ වෙන්කළ නොහැකි කොටසක් බවට මාක්ස් සහ එංගල්ස් හඳුන්වා දී ඇත. අනූපමගේ රෙදි මහණ මැෂිම කාලීනව මෙම න්‍යායට ලඝු කළොත් සිදු වන්නේ අනූපම අභාවමය තැනට පත් වී අනූපමව යථාර්ථවාදයේ ගොදුරක් බවට පත්වීමයි. එය එසේ වන්නේ අනූපම සිය යථාර්ථය පැරණි ස්වරූපයෙන්ම පවත්වාගෙන යාම නිසාය. ඒ බව මාක්ස් සඳහන් කරන්නේ මෙසේය සිය පැවැත්මේ පැරණි ස්වරූපය අභාවයට නොයන්නේ නම් කිසිදු ක්ෂේත්රයක වර්ධනයක් ඇති නොවන බව සඳහන් කර ඇති බැවිනි. එබැවින් අනූපමගේ මහණ මැෂිමේ ව්‍යුහාත්මක මූලද්‍රව්‍ය භෞතික වශයෙන් එම විදිහටම මින් ඉදිරියට තව මොහොතක්වත් ගමන් කරන්නේ නැත. එවිට එය අප සමාජයේ අපගේ දෑස් මානයෙන් අතුරුදහන් වී යන්නේය. එබැවින් අනූපමගේ මෙම කලානිර්මාණය සමකාලීන contemporary වශයෙනුත් modern art වන නවකලාව දෙසටද ලක්වන්නේ නැත. ඒ මන්ද මෙම කෘතිය නිර්මාණය සඳහා ඔහු විසින් භාවිත කර ඇති ක්‍රම ව්‍යුහය ඉතා පැරණි යථාර්ථවාදයේ ප්‍රාථමික අවස්ථාවක් වීමයි.
මෙහි ඇති වඩාත්ම විහිළු සහගත භාවය නම් මෙම කතිකාව තුළ මෙහි නිර්මාණ ශිල්පියා විසින්ම ගෙනහැර දක්වා ඇති ඉතා විහිළු සහගත ප්‍රකාශයක් සම්බන්ධවයි. එනම් අනූපම සඳහන් කරන ආකාරයට
"අපට ඇස් ඉස්සරහ තියෙන දෙයක් හෝ ෆොටෝ එකක තියෙන දෙයක් කවදාවත්ම ඒ ආකාරයටම කැන්වස් එකේ අඳින්න බෑ...ඇස් ඉස්සරහ තියෙන දේ අපේ මනස විසින් අරගෙන අතින් නිර්මාණය කරන දෙයක් තමයි එන්නේ. රියල් අඳින එක ආතල් වෙන්නේ ඒ නිසයි"
හරි මම අනූපම කියන දේ තුළ ඇති යම් දෙයක් පිළිගන්නවා. ඒ තමයි සරලව කියනවනම් අපි ඇස් ඉස්සරහ තියෙන දේවල් කිසියම් ත්‍රිමාන භාවයකට යටත් වෙනවා. අපි ඒ දේවල් අඳින්නේ ද්විමාන තලයක නිසා අපේ ඇස් ඉදිරියේ තියෙන දෙයක් එලෙසම කොපි කරන්න බෑ කියන එකනේ... නමුත් අනූපම අඳින්නේ ත්‍රිමානත්වය තුළින් එළියට විහිදෙන පෙන්නුම් කරන එවැනිම එහිම ද්විමාන ව්‍යුහයක්. එසේ නම් කලාව තුළ එය අයත් වන්නේ රියල් ගණයටයි. එසේනම් මෙයා මේ මොනවද දෙසන නරි වදන්
එක්කෙනෙක් කියනවා අනූපමගේ එම කෘතිය දිහා බැලුවහම එයාගේ ඇඟේ මයිල් කෙලින් වෙන තරමටම ඇත්තම එකක් ලෙසටම ඇඳලා තිබුණා කියලා. නමුත් අනූපම කියන්නේ වෙනත් දෙයක් එයින් ගම්මාන වන්නේ අනූපම ඔහුගේ කෘතියට කරන්නේ වංචාවක් ඇස් ඉස්සරහ තියෙන දෙයක් ඒ ආකාරයෙන්ම අඳින්න බැහැ කියන්නේ අනූපමට හරියටම රියල් අඳින්නත් බෑ, රියල් අඳින්න දන්නෙත් නෑ කියන එකයි ආයේ කියනවා මනසින් අරගෙන අතින් නිර්මාණය කරනවලු. ඉතින් මං අහන්නේ එහෙම නිර්මාණය කරන්නේ ඔයාගේ මනසින් හැදුන වෙනත් දෙයක් නෙමෙයිනේ. ඔයාගේ ඇස් ඉදිරියේ තියෙන දේ හරි එහෙමත් නැත්නම් ෆොටෝ එකක් හරි නේද?
ඔයා මහණ මැෂිම දිහා බලාගෙන අලගෙඩියක් ඇඳලා නැහැ නේ සිංහ කොඩිය දිහා බලාගෙන ගෑණු නාන්න ගන්න දිය රෙද්දක් ඇඳලා නෑ නේ. එහෙම නැත්නම් වෙනත් අවෛශයික වියුක්ත ලෝකයක් නිර්මාණය කරලා නැහැ නේ ඔයාගේ ඇස් ඉදිරියේ තියෙන වස්තූන් සමූහය තමයි ඔයා යථාර්ථවාදීව නිර්මාණය කරලා තියෙන්නේ ඒක ඔයාට ආතල් ඉතින් මේ යථාර්ථවාදයේ වහල් ආතල් භාවයට විනිත් චතුරංග කවදාවත්ම රැවටෙන්නේ නැහැ කියලා මං අනූපමට කියනවා.
එබැවින් අනූපම විසින් සිදු කරන මෙම වහල් යථාර්ථ භාවයේ නියම ස්වරූපය තේරුම් ගැනීමට නම් අප කලාව පිළිබඳව මාක්ස්වාදී විග්‍රහය කෙබඳු දැයි විග්රහ කර ගත යුතුයි.
මාක්ස්වාදයට අනුව කලාව යනු ප්‍රකෘතිය සෞන්දර්යාත්මකව ප්රතිරූප පරිද්දෙන් මිනිස් මනසේ ප්‍රතිනිර්මාණය වීමයි. එබැවින් ප්‍රකෘතිය යනු අප අවට ඇති ඇසට පෙනෙන සියලු භෞතික ද්‍රව්‍යයෝය. එම ද්‍රව්‍ය මිනිස් මනසට ගෝචර වී කලාත්මකව විවිධ වූ ප්‍රතිරූපවලින් කලාත්මක රසයක් එකතු කර ප්‍රකාශ වීම කලාව බව එම මාක්ස්වාදී විග්‍රහය තුළින් අපට සඳහන් කළ හැකිවේ.
එය එසේ නම් අනූපම විසින් ලෝකයට පෙන්වන්නේ මේ කලාවේ ඉතා ප්‍රාථමික හරයයි. නමුත් මාක්ස්වාදයට අනුව එම ප්‍රාථමික හරයම ප්‍රතිනිර්මාණය කිරීම සැබෑ කලාව නොවෙයි. එහි විවිධත්වයක් නැත ඉතින් අනූපම ගේ ප්රතිරූප සෑමදාම එක වගේ එකතැනම පල් වෙනවා. එතනින් එහාට ඔහු වෙනත් දියුණු ගණයේ ප්රතිරූප මේ වෙනකම් ගොඩනගල නෑ... ඒ නිසා එම යථාර්ථය එක තැන පල් වෙනවා එක තැන පල් වෙන මෙම යථාර්ථය බොහෝ අය අමෘතය ලෙස පානය කරනවා. ඒක බීලා ඉවර උනාම කට්ටියටම වෙරි වෙනවා. බීල නටනවා පිස්සු කියවනවා අනූපම ඒකෙන් ආතල් එකක් ගන්නවා. ඔන්න අනූපමගේ සැබෑ යථාර්ථය.
කලාකරුවෙක් හැටියට ලාංකීය සමාජයට සහ කලාවට කළ යුතු සැබෑ වගකීම ඕකද කියල මම අනූපමගෙන් සහ ඔහුගේ අනුගාමිකයින්ගෙන් අහන්න කැමතියි.
අනිත් එක තමයි ඔය අනූපම ඇතුළු පාක්ෂිකයින් විසින් හෝද හෝද මඩේ දමා පලිදු මහණ සිංහ සළුවේ ව්‍යුහයන් තුළින් එන දෘෂ්ටිවාදී සංකල්ප අවස්ථාවාදී පාලකයින් විසින් ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීම සඳහා කපිටි ලෙස භාවිතා කරනවා. ඉතින් ඔය පැරණි සිංහ සළුවට කිසිදු වෙනසක් නොකර එය සංස්කෘතික වශයෙන් සංරක්ෂණය කර කෞතුකාගාරයකට දමා තැන්පත් කළයුතුයි. එබැවින් මාලිමා ආණ්ඩුව ඔය ජාතික කොඩියේ පලිදු මැසීමට උත්සාහ කළොත් වෙන්නේ නැවත ජාතිවාදය ඇවිස්සීමක්ය.
එම නිසා අප පැරැණි මෙවලම්වලින් ජනතාව සුඛිත මුදිත කරනවාට වඩා නව නූතන තාක්ෂණික මෙවලම් භාවිතා කර ජනතාවට සුඛිත මුදිත භාවය ළඟා කළ යුතුයි. මාක්ස්වාදය යනු මිනිසුන්ට සැප දෙන්න හදපු දර්ශනයක් මිස මිනිසුන්ට දුක් දෙන්න හදපු දර්ශනයක් නොවන බව අප තේරුම් ගත යුතුවේ. එබැවින් අනූපමගේ කෘතිය තුළින් පිළිබිඹු වන රතු නූලේ ආධිපති භාවයෙන් පමණක්ම ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම නුවණට හුරු නැති බව මෙම අවස්ථාවේ වත්මන් පාලනය තේරුම් ගත යුතුය.
මින් ඉදිරියට මා සඳහන් කරන්නේ වෙනත් පැතිකඩක්ය. එනම් ඇයි අනූපම විසින් ඉදිරිපත් කරන ලද මෙම යථාර්ථවාදී සිංහ සළුවේ. සුන්දර හෙළුවේ. සුජිත් රත්නායක ඇතුළු පිරිස මේ හැටි බදාගෙන සිප වෙළඳ ගන්නේ. මේ හැටි අගය කරන්නේ ඇයිද යන්නයි. එයට පළවෙනිම හේතුව වන්නේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද "සුන්දරත්වයට පසු කලාව" නමැති කෘතියට සුජිත් රත්නායකගේ නම සඳහන් නොකිරීමයි. එම හේතුව මෙම අර්බුදය තීව්රවීමට ප්‍රථම හේතු සාධකය උනා. සුජිත් නැතුව ලංකාවේ දෘශ්‍ය කලාව ගැන කතා කරන්න බැහැ කියලා සුජිත් හිතාගෙන ඉන්නේ ඉතා අධිමානසිකත්වයකින්. එබැවින් ඔහු ඔහුගේම අධිමාන්නයේ ධනපති ක්‍රමය ඇතුළේ පරත්වා රෝපණයට ගොදුරු වූ මිනිසෙක්. ඔහු ඔහු විසින්ම තෝරා ගන්නා ලද යකඩ කූඩුව ඇතුලේ ඔහුම හිරවෙලා.
අරගලය පිළිබඳව මමත් කලා කෘති කිහිපයක් නිර්මාණය කරා. නමුත් සුජිත් තමයි හොඳම exhibition එක කලේ අරගලය සම්බන්ධව ලයනල් වෙන්ට් එකේ. එම කලා කෘතිනැරඹීමට මමත් සහභාගි වුනා.
නමුත් සිද්ධ වුනේ වෙනත් දෙයක් දීප්ති කුමාර ගුණරත්න යනු නව ලිබරල් ධනවාදය ප්‍රොමෝට් කරන කලාව නමැති සුන්දර සළුව ඇඟ දවටා ගෙන සිටින කලා විචාරකයෙක්. නමුත් සුජිත් යනු කිසියම් වාමාංශික දේශපාලනයෙහි හරය නොදත් නමුත් වමේ උණක් තියෙන කලාකරුවෙක්. ඉතින් දීප්තිලාගේ නවලිබරල් දේශපාලනයට කිසිසේත්ම සුජිත්ව ගැලපෙන්නේ නැහැ. මේ දෙන්නගේ තියෙන දේශපාලනික පටලැවිල්ල නිසා දීප්ති එයාගේ පොතෙන් සුජිත්ව අයින් කරනවා. ඉන් පසු සුජිත්ට පිස්සු ටිකක් තද වුණා. සුජිත් වටා ඇති ව්‍යාජ ඕරාවේ බලය බිඳී ගියා. එබැවින් සුජිත් ඇතුළු කල්ලියට සිය පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා නව බැස්ටීලයක් වෙත ළඟාවීමට සිදුවිය.
ඒ සඳහා ඔවුන් සෞන්දර්යයේ මහ ගෙදර නමැති නව බැස්ටීලය ගොඩනගනවා. නමුත් එම නව බැස්ටීලිය වෙත අන් අයගේ අවධානය ලබා ගනු පිණිස සුජිත්ට නව එළියක් ඕන උනා. එම එළිය යනු ඔහුගේ ඊළඟ මානයේ ගොදුරයි. එසේ නැති වුවහොත් සුජිත්ට මින් එහාට පැවැත්මක් නැත. එබැවින් සුජිත්ගේ පැවැත්ම වෙනුවෙන් සිය බැස්ටීලය වෙත කැන්දාගෙන ආ සුන්දර සළුව වන්නේ අනූපමගේ යථාර්ථවාදී සිංහ සළුවයි. අනූපම ගේ මෙම සිංහ සළුව යනු සුජිත් විසින් ගොදුරු කරනයට හසුකර ගන්නා ලද නැවුම් වූ දළුලා වැඩෙන පොල් පැළයයි. දැන් මේ පොල් පැලේ ගොබයට සුජිත් නමැති කුරුමිණියා විඳිනවා ඊට පස්සේ ගොබේ ටික ටික කා දමනව ඊටත් පස්සේ මේ පොල් පැලේ ගොබේ ඇතුලේ ඌ උගේ ලෝකය ගොඩනඟනවා. එහෙමත් නැත්නම් අනූපමගේ යථාර්ථවාදී සළුවේ ඇතුලේ සුජිත් ගේ ලෝකය ගොඩනගනවා. මෙය සළුවක් නොව හෙළුවක්කය. ආනිවරුන්ගේ සුන්දර වර්ණවත් පශ්චාත් භාගය මෙයයි.
කොඳු පණ නැති කලාකරුවන් සහ කිසිදු ස්වාධීනත්වයක් නැති කලා විචාරකයින් ඉන්නා රටක අනූපම වැනි කලාකරුවන් ගොදුරුකරණයට ලක්වීම අරුමයක් නොවන බව අප වටහා ගත යුතු ප්‍රධාන කරුණක්ය මාක්ස්වාදයට අනුව මෙය නව ගොදුරුකරනවාදයක්. කලාරුවෙක් ඔහුගේ පැවැත්ම වෙනුවෙන් තවත් කලාකරුවෙක්ව සිය ග්‍රහණයට හසුකර ගැනීම, මෙම නව ගොදුරු කරනවාදය සූරා කෑමකට වඩා මිලේච්ඡවේ.
මෙය ලාංකීය දෘශ්‍ය කලාවතුළ කලාකරුවන් අත්විඳින ඛේදවාචකයක්ය.
මාක්ස්වාදයට අනුව මෙය ලාංකීය දෘශ්‍ය කලා ක්ෂේත්රයේ තුළ පවතින නව හෙජමොනික අර්බුදයක්ය. මෙය ධනවාදී ක්‍රමය ඇතුලේ කලාකරුවනුත් රාක්ෂයින් බවට පත්වී ඇති බව පෙන්නුම් කරන හොඳම නිදසුනක්ය. කලාකරුවා ඉදිරියේද තවත් කලාකරුවෙක් හමුවීමේ යුගය අවසන් වී ඇති බවට මෙය හොඳම නිදසුනක්ය. එය මා විසින් නිර්මිත මව් කලාකරුවා (Mother Artist) නැමැති කෘතිය සිහිගන්වයි. මෙය අන්තෝනියෝ ගාමිච්චිට අනුව සුමිත් චාමින්දයන් සඳහන් කරන ලද හෙජමොනික අර්බුදය සහ රාක්ෂයින්ගේ සමය නැමැති ලිපියෙහි අර්ථයත් නව ආකාරයකින් ලාංකීය භූමිය තුළ පශ්චාත් මාක්ස්වාදී දේශපාලන කතිකා විශ්ලේෂණ න්‍යාය මගින් තහවුරු වීමකි.
Mother Artist
Oil on canvas
මා විසින් සිදු කරන්නේ අනූපම විසින් වසා දමා තිබෙන ලාච්චු පෙට්ටියේ දොර විවර කිරීමයි. එවිට අනූපම විසින් ගොඩනගා ඇති යථාර්ථවාදී සුන්දර කඩ තුරාවෙහි යටි මානයේ සැබෑ අරුත කඩා වැටීම් වාදය (Collapsism) නැමැති නව විවෘතවාදී ප්රකාශනයකින් ලොවට පිළිබිඹු වීමයි. එය එසේ වන්නේ අනූපම සිය අධිපතිවාදී බලය පෙන්වීමට යොදාගන්නේ රතු නූලක්ය. එය වර්ථමාන දේශපාලන තන්ත්ර බල ව්‍යුහය සහ වර්තමාන පාලන තන්ත්රය විසින් ජාතියේ පලුදු මැසීම ආරම්භ කර ඇති බව තිලංක සී. බටුවත්ත ඉදිරිපත් කර ඇති නිර්වචනයෙන් පැහැදිලිවම ගම්‍යමාන වන නිසාය.
නමුත් මතුපිටින් පෙනෙන දෙය යථාර්ථය නම් ලොවට විද්‍යාවක් අවශ්‍ය නොවන බව මාක්ස්වාදයේ සඳහන් වේ. එබැවින් මා නියෝජනය කරන්නේ එම මාක්ස්වාදී විචාරය අනුව එම රතු නූලේ තිබෙන අඳුරු පැතිමානය හෙවත් අඳුරු යථාර්ථයයි.
එනම් ඔය රතු නූලට අවස්ථාවාදී ධනපතින්ම මිලේච්ච පාලකයින් විසින් හැත්තෑව සහ අසූව දශක වලදී ලාංකීය තරුණ පරම්පරාවට අයත් තරුණ ජීවිත රැසක් සමූල ඝාතනයට ලක්කලා. පරම්පරා දෙක තුනක් වැනසුවා. ලාංකීය තරුණ පරම්පරාවේ මධ්‍ය ලක්ෂය කපා දැමුවා. එම කපා දැමූ මධ්‍ය ලක්ෂය (සිංහයාගේ ලිඟුව) චිත්රයෙහි පෙර බිම මත අඳුරු රතු පැහැති කලාපය වෙත පතිත වී ඇති බව මා නිර්මාණය කරන ලද ජාතික කොඩිය (සිංහ කොඩිය බිඳ වැටීම) කලා කෘතිය තුළින් ඔබට දැක ගත හැකි වේ. ඒ සමගම කපටි ම්ලේච්ඡ පාලකයින් ගේ අනුවණ ක්‍රියා කලාපය නිසා එහි ප්‍රතිඵල හැටියට කෘතිය පුරා සී සී කඩව විසිරී ඇති කහ පැහැති නූල් කැබලි වලින් නිරූපණය වන්නේ අප සමාජයේ සුනූ විසිරී යන අධ්‍යාත්මික සංස්කෘතිය වේ.
අනූපම ඔහුගේ භාෂාව ගොඩනගන්නේ ඔහු ඉදිරියේ ඇති වස්තු සමූහය සමඟ කිසියම් සවිඥානික තලයක ඉඳිමින්ය. ඔහු තුළ ඇති අවිඥානික දොර ඔහු සම්පූර්ණයෙන්ම විවෘත නොකරයි. එම හේතුව නිසා තමයි ඔහු කියන්නේ "ඇස් ඉස්සරහ තියෙන දේ ඔහුගේ මනසින් අරගෙන අතින් නිර්මාණය කරන දෙයක් තමයි රියල් වෙන්නෙ කියල" නමුත් මා කරන්නේ අනූපමව අතික්‍රමණය කරපු දෙයක්ය. ඒ තමයි භෞතික මෙන්ම අභෞතික ලෝකය තුළ තිබෙන ප්රකෘතින් හෝ විකෘතින් තුළ ඇති වෙන් කළ නොහැකි හරයෙහි නොපෙනෙන සාර කලාපය සවිඥානික දොරින් අරගෙන අවිඥානික දොරින් පිට කිරීමයි. එහිදී පවතින තත්ත්වයන් මත එහි ප්‍රතිඵල හැටියට සවිඥානය අවිඥානය තුළින් නිශේධනයට ලක්වේ.
නමුත් අනූපමගේ මොළයේ සෞන්දර්ය පැත්ත විවෘත වෙලා තියෙන්නේ හරි අඩක් පමණයි. ඉතුරු බාගය සවිඥානිකත්වයෙන් වැහිලා අනිත් භාගය අවිඥානයෙන් වැහිලා එලොවත් නැති මෙලොවත් නැති දෙලොවක් අතර අතරමං වුනු මිනිහෙක් රියල් අඳිනවා ඒ අඳින රියල් එයාට හරි ආතල් ඊට පස්සේ කියනවා මනසින් අරන් අතින් නිර්මාණය කරනවා කියලා. එයාට කවදාවත් මනසින් අරන් මනසින්ම අඳින්න බෑ මං අහන්නේ කලා ලෝකයේ මේ වගේ ආතල් දෙන පිස්සෙක් සහ මෙවැනි පිස්සන් හඹා යන ගුණ වර්ණනා කරන පිස්සු පූසන් මං දැක්කමයි. එබැවින් කලාව පැත්තෙන් මා සිදු කළ යුතු වගකීම නම් මෙවැනි පිස්සන් දියත් කර ඇති මේ වහල් යථාර්ථවාදී ගිලටීනයට එරෙහිව නව අවි තැනීමයි. යුධ වැදීමයි.
එබැවින් වඩා ප්‍රායෝගික වන්නේ කලා කෘතියකට කලා කෘතියකින්ම පිළිතුරු සැපයීමයි. කඩා වැටීම් වාදය තෝරා ගත් නව දිශානතිය මෙයයි. එබැවින් මින් මතුවට කඩා වැටීම් වාදය විසින් අප ජන සමාජය තුළ ව්‍යාජ මානයෙන් ගොඩනගා ඇති සියලු කලා දහරාවන්වල ඇති ව්‍යාජ ස්ථායී පැවැත්මට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලබයි.
අනූපම වාදීන් විසින් සිදුකිරීමට වෙර දරන්නේ මෙම අබලන් වූ සංස්කෘතික සංකල්පවලින් යුත් යථාර්ථවාදී සිංහ සළුව නඩත්තු කිරීමයි. නමුත් අවස්ථාවාදී කපටි පාලකයින් ඔවුන්ගේ සියලුගේම් ක්‍රියාත්මක කළේ ඔය සිංහ සළුවේ සෙවනෙහි හිඳගෙනය. ඔවුන් සිංහ සළුවට මුවා වී ජනතාවට කොකා පෙන්නුවේය. නමුත් වර්තමානය වන විට සත්‍ය වසංකල නොහැකි කාලයක් යුගයක් උදාවෙමින් පවති. ඒ බව කෝප් කමිටුව විසින් සිදු කරනු ලබන හෙළිදරව් කිරීම් වලදී පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණයන්, සහ කොමිස් කුට්ටි ලබාදීම්, අපරාධ කරුවන් සුරක්ෂිත කිරීම, නීතිය අවභාවිතා කිරීම්, සහ ඉතා දරුණු ගණයේ ආර්ථික ඝාතන, සිදු කරනු ලැබූ ප්‍රභූ පන්තියේ යැයි හඳුන්වා ගන්නා ලද බලවතුන්ව, දේශපාලකයින්ව අත්අඩංගුවට පත්වනවා. මේ වන විටත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ බව ලාංකීය භූමිය තුළින් දම් පාට සමාජ ක්‍රමය විවූහයක් හරහා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ලකුණු ක්‍රමානුකූලව අප සමාජයට නිරාවරණය වීමට පටන්ගෙන ඇත.
එබැවින් මා විසින් ගොඩනගා ඇති වියුක්තවාදී හැඩතල චිත්රයෙහි පෙර බිම, මැදබිම හා පසුබිම යන අංශ තුළ විහිදී යන ලෙස ගොඩනැගුවත් ඒ සියල්ල නොසෙල්වී සිටීම සඳහා ස්ථානගත කරන්නේ පෙර බිම වෙත විහිදී යන දම්පාට පොළෝ තලය මතයි.
අනූපමගේ සුන්දර යථාර්ථවාදී සිංහ සළුව මා මෙහිදී ටිකෙන් ටික ගලවා ඉවත් කරයි. එවිට අනූපමගේ සුන්දර යථාර්ථය යට සැඟවී ඇති සත්‍ය ස්වරූපයන් නව ව්යුක්තවාදී හැඩ තුළින් කඩා වැටීම් වාදය( Collapsism )කලා දහරාව හරහා නිර්මාණය කළ ඇති අයුරු ඔබට දැකගත හැකි වේ.
අප මදක් මෙසේ සිතමු. කොටි ත්රස්තවාදීන් විසින් ග්‍රහණයට හසුකරගෙන තිබුණු මාවිල්ආරු අමුණ නැවත පොදු ජනයා අතට පත්කිරීමේදී අපේ රණවිරුවන් විසින් ජාතික කොඩියේ තිබෙන බෝ කොළ හතරේ පිහිට පතන්න ගියේ නෑ. එනම් සතුරා ඉදිරියේ අපි මෙත්තා මුදිතා කරුණා, උපේක්ෂා මෙනෙහි කළේ නෑ. අනිත් එක ඔය සිංහ සළුවේ සිටින සිංහයාගේ වලිගය කපාගෙන ත්රස්තයන් ඉස්සරහට ගිහින් ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩුවේ නෑ . යුද්ධ හමුදාව දුනු ඊතල අරන් ගියේ නෑ තස්ත්රයන්ට පහර දෙන්න නවීනතම මෙවලම්වලින් තමයි පහර දුන්නේ. ඒ වගේම මා විසින් ගොඩනඟන ලද නවීනතම කලා ධාරාවේ ඇති නවීනතම අවිවලින් නූඹලාටත් පහර දිය යුතුමයි. එය මේ මොහොතේ ශ්‍රී ලාංකීය කලා ඉතිහාසය විසින් ඉල්ලා සිටින සැබෑ කර්තව්‍යක් මෙන්ම වගකීමක් ද වේ.
කෘතියෙහි විදහා දැක්වෙන අනෙක් ප්‍රධාන කරුණ නම්, ලාංකේය සමාජය තුළ මෙම ධනවාදය සහ සමාජවාදය අතර ඇති බෙදුම් රේඛාව සිය දේශපාලන උවමනාවන් සහ අනෙකුත් අවස්ථාවාදී ක්‍රියා කලාපයන් සඳහා ඛන්ඩනයට ලක් කරන්නෙත්, මෙම ව්‍යුහයන් දෙක එකට පටලවන්නෙත්, දීප්ති කුමාර ගුණරත්නලා ඇතුළු නූතන X කණ්ඩායමට අයත් සාමාජිකයන්ය. මොවුන් ධනවාදය සහ සමාජවාදය අතර ඇති ගැටුම ඔවුන්ගේ පැවැත්මේ වාසිය සඳහා උපයෝගී කර ගනී. ඔවුන් වමේ ලේබලය අලවාගෙන දිනන දකුණ සාදමින් සිටින ගොබ්බ හිවලුන්ය. මොවුන් එල්ලි සිටින ව්‍යාජ රතු නූල කපා ඉවත් කිරීම අපගේ වගකීමක් වේ. ඒ බව සිංහයාගේ එක් අතකින් පොළොව දෙසට යොමු වී ඇති කඩුවෙහි කඩු තුඩෙන් අවලෝකනය කෙරෙන (gaze) රතු පාට ව්‍යාජ නූල් වලින් ලිහා ගත නොහැකි ආකාරයට එති පැටලී sewing machine එකේ උඩින් පහළට එල්ලා වැටෙන සේ නිරූපණය කර ඇති කොළ පාට නූල් පන්දුව තුළින් නිරූපණය වේ. එහි X group ලෙස සඳහන් කර ඇත.
එබැවින් දීප්ති කුමාර ඇතුළු X කණ්ඩායම දැනගත යුතු ප්‍රධාන කරුණක් නම් නම් නුඹලා විසින් ප්‍රමෝට් කරන නුඹලාගේ ඒජන්තයින් විසින් හඳුන්වා දුන් (ජේ.ආර් ජයවර්ධන,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ වැනි අය) නව ලිබරල් ධනවාදී ආර්ථිකය අවසානයේදී අපේ රටට උරුම කර දුන්නේ අනෙකුත් රාජ්‍යයන් ඉදිරියේ බෙලහීන වී ගිය විශාල ණයකන්දක හිරවෙච්ච ආර්ථික ක්‍රමයක් ඇති රටක්ය. එම රටේ මිනිස්සුන්ට හරි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැති, සමබර ආහාර වේලක් සපයා ගන්න නොහැකි වූ ගෑස් පෝලිම් තෙල් පෝලිම් වල මිනිසුන් සිහිසුන් වී මැරී වැටෙන රාජ්‍යයක්ය. ඉන් පසු ජනතා විශ්වාසයකින් තොරව ව්‍යවස්ථාවේ ඇති වගන්තිවල එල්ලෙමින් ජනපති පුටුවට පැමිණි අටවන ජනපති රනිල් වික්‍රමසිංහයන් අයි.එම්.එෆ් කොන්දේසි මත ජනතාවට බදු පිට බදු ගසමින් රට පාලනය කරගෙන ගියත් අවසානයේදී ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ නම් කෙරිණි. අන්තිමටම අපි හැමෝටම කෙලවුන බව මතක තබාගත යුතුය. එවැනි අසීරු මොහොතක අපේ රටේ මිනිස්සු දෙවිවරු පසු පස ගියේ නෑ... සිංහ කොඩියේ බෝ කොල බදාගත්තේ නෑ. ඒ වෙලාවේ මොන බුදු කෙනෙක්වත් අපට පිහිට වුණේ නෑ. එහෙදි ලාංකීය ජනතාවගේ පිහිටට සිටින එකම විමුක්ති මාර්ගය ලෙස ජනතාව විසින් තෝරා ගනු ලැබුවේ මාක්ස්වාදී දර්ශනයේ ගුණාංග වලින් ගොඩනැගුණු අනුර කුමාර සහෝදරයා ප්රමුඛ කරගත් මාලිමා ආණ්ඩුව හෙවත් දම්පාට සමාජයයි.
එසේම අනිත් ප්‍රධාන කරුණ නම් ශ්‍රී ලාංකීය දෘශ්‍ය කලාව කෙබඳුද යන්න මේ වනතෙක් තීරණය කළේ විවිධ කල්ලිවාදී කණ්ඩායම් කිහිපයක් විසිනි. වසර ගණනාවක් තිස්සේ මෙවැනි කල්ලි කණ්ඩායම් විසින් ශ්‍රී ලාංකීය දෘශ්‍ය කලා ක්ෂේත්රය තුළ පවත්වාගෙන ආ අධිකාරී බලයට විරුද්ධව පළමු ප්‍රහාරය මා එල්ල කළේ 2019 වසරේදී Collapsism කලා දහරාව හරහාය. පසුව එහි ඇති ප්‍රායෝගික හරයතුළින් ගොඩනැඟුණු න්‍යායාත්මක විශ්ලේෂණයන් ලාංකීය ජන සමාජය තුළ ස්ථාපිත වී ඇති අයුරු පශ්චාත් මාක්ස්වාදී ඇසින් භෞතිකවාදී කරනු පදනම් කරගෙන තහවුරු කරන ලද්දේ 2023. 07.22 දින සටහන් තබන ලද "කලාකරුවෝද රාක්ෂයෝය" යන සටහනත් සමගය. නමුත් කාලීන වශයෙන් කලාව තුළ ලැගුම්ගෙන සිටින මෙවැනි කල්ලිවාදීන් ඔවුන්ගේ දේශපාලනික සහ ඉතාපටු අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ලාංකීය දෘශ්‍ය කලා ක්ෂේත්රය ඉතා අවස්ථාවාදී ලෙස භාවිතා කළේය. ඔවුන්ගේ කිහිප දෙනෙක් ජනතා අරගල ප්‍රතික්ෂේප කළ අයවේ. ජනතා විප්ලව වලට විරුද්ධව කලාව තුළින් ජන සමාජය වෙත විවිධ රැවටිලිකාරී දෘෂ්ටිවාදයන් වැපිරූ අයවේ. ඔවුන් ලිබරල් ධනපති ඒජන්තයින්ට කඩේ ගිය ගැතිකම් දැක්වූ පුද්ගලයින්ය. එබැවින් එම පුද්ගලයින් ජාතික ජන බලවේගය වැනි වාමාංශික මාක්ස්වාදී අදහස් ඇති ආණ්ඩුවක් බලයට පැමිණවීමට කිසිදු සහයෝගයක් ලබා නොදුන් පුද්ගලයින්ය. එහි ඇතැම් පුද්ගලයින් ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දැනටමත් රැඳී සිටින බවත්, අවස්ථාව ආ විගස ඔවුන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට සැලසෙන බවත් සැලකිලිමත් විය යුතුය.
එබැවින් මින් ඉදිරියට මා මෙම ක්ෂේත්රය තුළ රැඳී සිටින තාක් ශ්‍රී ලාංකීය දෘශ්‍ය කලාව තුළ තනි ඒකාධිකාරී බලයක් ගොඩනැගීමට කිසිදු ඉඩක් කිසිම පුද්ගලයෙකුට ලබා දෙන්නේද නැත. ඒවාගේම කලාව තුළ කඩා වැටුණු ප්රතිරූප නැවත ගොඩ නැගීම සඳහා කලාකරුවන්ව ගොදුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයින්ටද සහ ඒ සඳහා කලා ක්ෂේත්රය ඉතා අත්තනෝමතිකව සිතූ සිතූ අයුරින් පාවිච්චි කිරීමට කිසිවෙකුට කිසිදු ඉඩක්, අවස්ථාවක් ලබා දෙන්නේද නැත.
එය එසේ සිදු වුවහොත් කලාව තුළ බත්කූරන් වෙනුවට නවීනතම පන්නයේ ගම්මිරිස් ඇට සාදා නුඹලාට එරෙහිව කලාව සුන්දර අවියක් ලෙස භාවිතා කරන බව සඳහන් කරමි. එහිදී මා මොහොතකට මත්සුයිබෂොට ආයුබෝවන් කියා මා අකමැත්තෙන් වුවත් කිකාකු කෙනෙකු වී නුඹලාට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් එය දෘශ්‍ය කලා ඉතිහාසය තුළ කිනම් හෝ දිනකදී මා කලා ඉතිහාසයෙන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි සඳහන් කරමි.
පශ්චාත් මාක්ස්වාදී කලාවිචාර
දෘශ්‍ය කලා ශිල්පී
විනිත් චතුරංග
https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://collapsism.com/&ved=2ahUKEwiNxL6vk9SQAxWSa_UHHRhFNAoQFnoECCMQAQ&usg=AOvVaw251uF5OgyA4VnjQ5nQ6Zyw
















Comments
Post a Comment